
කොළඹට සහ ගම්පහට ඩෙංගු මර්ධන වැඩසටහන්
ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙම මස 30 වැනිදා සිට ජූලි මස 05 වැනිදා දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය වේගවත්ව සිදුවෙමින් පවතින බවයි.
එමෙන්ම වෛරස් රෝග තත්ත්වයන් කිහිපයක් පැතිරෙමින් පවතින පසුබිමක, වෛද්‍ය උපදෙස් අනුව වැළදී ඇති රෝගය නිසි ලෙස හදුනාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 26775 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති ඩෙංගු මරණ ගණන 14ක්.
මෙය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊයේ රැස්වු කොළඹ දිස්ත්‍රික් ඩෙංගු කමිටුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල දින 10ක ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.
එහිදී සියලුම රාජ්‍ය ආයතන හා නිලධාරීන් ඒ සදහා සම්බන්ධ කරගැනීමටද තීරණය කෙරුණා.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේනතු මන්ත්‍රී ලක්ෂ්මනි නිපුණආරච්චි මහතා පැවැසුවේ හෙට සිට (20වනිදා ) සිට 30වැනිදා දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි .