කෝටි 17කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් හමුවෙයි (VIDEO)

කෝටි 17කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් හමුවෙයි (VIDEO)

විදේශ රටවල් කිහිපයක සිට තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද රුපියල් කෝටි දාහතහමාරකට අධික වටිනාකමකින් යුතු මත් පෙති සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබි රේගු නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

මෙරටට එවා තිබූ භාණ්ඩ තොගයක් අතර වූ බෝනික්කන් තුළ සහ කෝපි කුඩු ටින් අතර සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය එවා තිබුණා.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇමෙරිකාව, ස්පාඤ්ඤය, කැනඩාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් ලැබුණු සැකකටයුතු පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුවෙන් කළ විමර්ශනයකදීයි අදාළ මත් ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ.

එක් පාර්සලයක තිබී කුෂ් නමැති මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 700කට ආසන්න ප්‍රමාණයක් සහ මත් පෙති 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණුනා.

මෙලෙස සොයා ගන්නා කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 8කට අධිකයි.

කෝපි කුඩු අසුරන ටින් තුළ බහාලමින් මෙරටට එවා තිබූ මත් පෙති තොගයේ වටිනාකම රුපියල් 9 කෝටි 58 ලක්‍ෂයක් පමණ වනවා.

අදාළ පාර්සල් වත්තල, කොහුවල සහ බොරලැස්ගමුව ලිපිනයන්ට ලැබුණු ඒවා වන අතර, කෝපි කුඩු බහාලන ටින්වල දමා එවා තිබූ මත් පෙති තොගය නිදහස් කර ගැනිමට අදාළ පුද්ගලයා ලිපිලේඛන පවා ඉදිරිපත් කර තිබූ බවයි රේගුව පැවසුවේ.

Share This