
කෝටි හතර හමාරේ ව්‍යාජ මුදල් කොල්ල පැමිණිල්ල
තම සේවා ආයතනයට අයත් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් රැගෙන යමින් සිටියදී පිරිසක් කොල්ල කාගෙන ගිය බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර එම මුදල් වංචා කළ තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කටාන ප්‍රදේශයේ පිහිටි වාහන ආනයන සමාගමක සේවකයින් දෙදෙනෙක් ඇතුලු තවත් පුද්ගලයෙක්.
පුද්ගලයින් දෙදෙනකු කටාක පොලීසියට පැමිණ තමන් සතුව තිබූ රුපියල් කෝටි හතරයි හැට නව ලක්ෂ හාරදහසක මුදලක් අවිගත් පිරිසක් කොල්ල කෑ බවට පැමිණිල්ලක් කර තිබුණේ බ්කුත් 03 වැනිදායි.
කටාන ,යටියල,කිඹුලාපිටිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු අදාල කොල්ලකෑම සිදුකළ බවට මෙම පැමිණිල්ලේ දැක් වුණේ.
ඒ අනුව කටාන පොලීසියේ නිලධාරීන් පිරිසක් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ට මුදල් කොල්ල කෑ නවට කිසිදු සාක්ෂියක් සොයාගැනීමට හැකිවී නැහැ.
අනතුරුව පැමිණිළිකරුවන් නැවත පොලීසිය වෙත ගෙන්වාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
එහිදී පොලීසියට පැමිණිළිකරුවන් ගැන සැක සිතී තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී හෙළිව ඇත්තේ මුදල් කොල්ලය පිළිනද පැමිණිල්ල ව්‍යාජ ගෙතු එකක් බවයි.
පසුව සැකකරුවන් පවසා ඇත්තේ එම මුදල් කඩවත ප්‍රදේශයේ ඔහුගේ මිතුරකු ගෙන්වා මුදල් රැගෙන යාමට ඔහුට බාරදී ඇති බවටයි.
ඒ අනුව කඩවත ,සූරියපාළුව නිවසක සගවා තිබියදී එම මුදල් හා ඔවුන් පැමිණි මෝටර් රථය ,මුදල් රැගෙන යාමට ආ මිතුරා පැමිණි මෝටර් රථය පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්භන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.