ගංවතුර තත්ත්වය ඇතිවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස්

ගංවතුර තත්ත්වය ඇතිවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතුවූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා විසින් මෙම උපදෙස් ලබාදී තිබෙන අතර ඒ මහතා තවදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබාදෙන ලෙසයි.

ඒ අනුව මෙම ගැටලු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසද ඒ මහතා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

Share This