ගංවතුර හේතුවෙන් දකුණු කොරියාවේ 20 දෙනෙකු මරුට

ගංවතුර හේතුවෙන් දකුණු කොරියාවේ 20 දෙනෙකු මරුට

දකුණු කොරියාවට පවතින අධික වැසි හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති අතර පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දින තුනක් පුරා පවතින අධික වර්ෂාපතනයෙන් ඇතැම් ප්‍රදේශවල නායයෑම්, විදුලිය විසන්ධිවීම් සහ යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන්.

මීට අමතරව Goesan වේල්ල පිටාර ගැලීමෙන් ඒ අවට පදිංචිකරුවන් 6,400 ක් පමණ ඉවත් කර ඇති අතර අනෙකුත් ප්‍රදේශවල තවත් දහස් ගණනක් ජනතාව ආපදා මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This