ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වනදා පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා.

ඒ අනුව නගර සභා බල ප්‍රදේශ වන පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදුව සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය බල ප්‍රදේශ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ඇති.

අදාළ ප්‍රදේශවලට ලබන 23 වනදා පෙරවරු 08.30 සිට පස්වරු 06.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය සඳහන් කළා.

Share This