
ගමේ ආණ්ඩුව ඉල්ලන අපේක්ෂකයෝ 30ක් අත්අඩංගුවට
2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් 30 දෙනෙක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම පක්ෂ ආධාරකරුවන් 131 දෙනෙක් සමඟින් වාහන 31ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මේ හැරුණු විට මේ දක්වා පොලිසියට ලැබී ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාල පැමිණිලි සංඛ්‍යාව 313ක් සහ අපරාධමය පැමිණිලි 85ක් ද එම කාලය තුළ ලැබී ඇති බව පොලීසිය සඳහන් කළා.