ගල් අඟුරු නෞකා තුනකට මුදල් ගෙවයි (VIDEO)

ගල් අඟුරු නෞකා තුනකට මුදල් ගෙවයි (VIDEO)

විදුලි ඉංජිනේරුවන් සහ බලශක්ති අමාත්‍යංශය එක්ව විදුලි ගාස්තු නැංවීම සම්බන්ධයෙන් ගනුදෙනුවක නිරතව සිටින බවට විදුලි පොදු සේවක සංගමය චෝදනා කරනවා.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා.

මේ අතර, නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නෞකා 6ක් ජනවාරි මාසය තුළ ලැබීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළා.

එහි සභාපති ශෙහාන් සුමනසේකර මහතා කියා සිටියේ නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලැබීමේ ක්‍රමවේදය බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

එමෙන්ම දෙසැම්බර් මස 28 වැනි දින පැමිණීමට නියමිතව තිබූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නෞකාව ජනවාරි මස 04 වැනි දින මෙරටට ළඟාවීමට නියමිත බව සඳහන්.

ඊට අමතරව ජනවාරි මස 12, 15, 18, 23, 27 සහ 31 යන දිනයන්හි තවත් නෞකා 6ක් මෙරටට ළඟාවීමට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

එම නෞකා 6න් තුනකට මේ වනවිට මුදල් ගෙවීම් කටයුතු සිදුකර ඇති බවත්, ඉතිරි නෞකා 3ට ඉදිරි දෙසතිය තුළ මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් සභාපති ශෙහාන් සුමනසේකර මහතා පැවසුවා.

Share This