
ගල්කිස්සේ තරුණයා ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
ගල්කිස්ස සිල්වෙස්ටර් පාර මාර්ග පවිත්‍රතා රාජකාරියේ නිරතව සිටියදී නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු පසුපස එලවා එලවා ගොස් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ යතුරු පැදියේ සැකකාර පැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය , මාකුඹුර පදිංචි පන්නිපිටිය ආරච්චිගේ දිල්රුක් අනුර කුමාර නැමති 45 හැවිරිදී පින්තාරු කරුවෙක්.
අනතුරුව අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ඝාතනයට යොදා ගත් යතුරු පැදියේ ගැලවූ කොටස් හා ව්‍යාජ අංක තහඩු සැකකරුගේ හෝමාගම පිහිටි නිවසේ පිටුපස වත්තේ වල දමා තිබියදී සොයාගත් බව පොලිසිය සදහන් කලා.
යතුරු පැදියේ එන්ජින් කොටස සොයාගෙන ඇත්තේ පරණ බෝතල් කඩයකට අලෙවිකර තිබියදී යි.
මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශයේ සේවකයෙකු වන දෙහිවල, පදිංචිව සිටි කළුතර පටබැදිගේ නිශ්ශංක පීරිස් නම් (19) හැවිරිදි තරුණයෙක්.