
ග්රෑන්ඩ්පාස් නාගලගම්වීදියේ වෙඩික්කරු කොටු
ග්රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා
ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වේල්ස්කමාර මාවත ප්රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්
2025ග03ග17 වන දින රාත්රී කාලයේ ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණිග
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අපරාධය වූ ස්ථානයට කැඳවාගත් පුද්ගලයෙකු විමර්ශක නිලධාරීන් ජංගම දුරකථන දෙකක් ද සමඟ අත්අඩංගුවට ගත් අතර ඔහු සහ අද අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුලුව මේ වන විට අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අපරාධයට සම්බන්ධ සියලු සැකකරුවන් සොයා ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන ක්රියාත්මක කරනවා