ගාල්ල, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි

ගාල්ල, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි

ගාල්ල, අක්මීමන ආනන්දගොඩ,ආනන්දගොඩ වැවේගොඩවත්ත ප්‍රදේශයේ අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද අලුයම 5ත් 6ත් අතර කාලයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් නිවසට වෙඩි තබා පළාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ පළතුරු බීම කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අයෙක් බවද පොලිසිය සදහන් කළා.

ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීම නිසා ආරවුලක් පැවති බව මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දීම තර්ජනය කර තිබූ බවට මිදිගම පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණා.

ඒ අනුව පොලිසිය සැක පළ කරන්නේ එම පුද්ගලයා විසින් මෙම වඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි.

 

Share This