
ගාල්ල හමුවේ, නුවර පරදී
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ ජය වාර්තා කිරීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 83කින් B-Love Kandy කණ්ඩායම පරාජය කිරීමත් සමගයි.
තරගයේ කාසියෙ වාසිය දිනා ගත් Galle Titans කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.
නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් ලකුණු 180ක් ලබා ගත්තේ කඩුලු 05ක් දැවී සිටියදීයි.
ඒ අනුව B-Love Kandy කණ්ඩායමට ලකුණු 181ක ඉලක්කයක් හිමිවුණා.
කෙසේ වෙතත් පන්දුවාර 17යි එක පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ ජය Galle Titans කණ්ඩායමට හිමි වුණා.
එසේම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව සති අන්තයේ තරග සහ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
මෙම තරගයේ ලකුණු සටහන පහතින්

