ගාසා-ඊජිප්තු දේශසීමාවේ කොරිඩෝව පාලනය කරන බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

ගාසා-ඊජිප්තු දේශසීමාවේ කොරිඩෝව පාලනය කරන බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

ගාසා තීරය සහ ඊජිප්තුව අතර මායිමේ පිහිටි ෆිලඩෙල්පි කොරිඩෝව නමින් හැඳින්වෙන උපාය මාර්ගික කලාපයක් තමන් අතට ගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා

එමෙන්ම හමාස් සංවිධානය විසින් ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බවටයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවගෙන් අඩක් සරණාගතව සිටි නගරයට එරෙහි ප්‍රහාර අවසන් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයේ නියෝගයක් නොතකා ඊශ්‍රායලය ද දකුණු ගාසා තීරයේ රෆා වෙත අඛණ්ඩව සටන් සිදු කරගෙන ගිය බවයි

Share This