ගාසා තීරය ගැන සම්මත වූ යෝජනාව

ගාසා තීරය ගැන සම්මත වූ යෝජනාව

එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට ආධාර බෙදා හැරීමට ඉඩ දෙන ඉල්ලා සිටීම සඳහා වන යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ඊශ්‍රායල – හමාස් ගැටුම සම්බන්ධයෙන් දින කිහිපයක පැවති සාකච්ඡාවලින් පසු ව සිය සාමාජිකයින්ගෙන් ආරක්ෂක කවුන්සිලය විසින් අදාළ ඉල්ලීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය විසින් සටන් විරාමයක් සඳහා ඉල්ලීමක් සිදු කර නොමැති බව සඳහන්.

අමෙරිකාව මීට පෙර ගෙන ආ යෝජනාවට කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකු ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවකට සහය දුන් නමුත් අමෙරිකාව ඊට නිෂේධ බලය යෙදූ අතර එක්සත් රාජධානිය ද ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා.

Share This