ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල කිසිදු අඩුවක් නැහැ – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල කිසිදු අඩුවක් නැහැ – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල කිසිදු අඩුවක් නොමැති බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් BBC පුවත් සේවයට පවසා තිබෙනවා

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා තිබෙන අල්-අක්සා රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය පවසා තිබෙන්නේ එය නිරපේක්ෂ සංහාරයක් බවයි.

කෙසේවෙතත් හමාස් සටන් නැවත තීව්‍ර කරන බවට ඊශ්‍රායල අගමැතිවරයා මීට පෙර ප්‍රතිඥා ලබා දී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ තමා ගාසා තීරයට ගිය බවත් ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම අවසන් වීමට ආසන්න නැති බවත්ය.

ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායලය සිය ප්‍රහාරවල තීව්‍රතාවය අඩු කළ යුතු බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව වීමද විශේෂත්වයක් .

Share This