ගාසා තීරයේ ඉන්ධන හිඟය අතිශෝක්තියක් – ඊශ්‍රායලය

ගාසා තීරයේ ඉන්ධන හිඟය අතිශෝක්තියක් – ඊශ්‍රායලය

ගාසා තීරයේ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් වන ප්‍රකාශ අතිශෝක්තියක් බව ඊශ්‍රායලය පවසනවා

කෙසේවෙතත් තවත් සැපයුම් කිහිපයක් ලබා ගැනීමට හැකි වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ඉන්ධන හිඟ වන බවයි

මේ අතර ගාසා තීරයේ තවමත් විදුලිය සහ ජලය පවතින බවත් විශාල ඉන්ධන හිඟයක් පිළිබඳ වාර්තා පිළිබඳව සැක පහළ කරන බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් පවසනවා

සිවිල් වැසියන්ට ලබා නොදී හමාස් සිය යුධ සටන් හැකියාවන් සඳහා සියලු ඉන්ධන ලබා ගැනීමට කැමැත්තක් දක්වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ

ගාසා තීරයේ පලස්තීනුවන්ට උපකාර කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය පවසන්නේ තමන් ඉන්ධන භාවිතය ගැන සලකා තමන්ට ලබා දිය හැකි සේවාවන් අඩු කරන බවයි.

Share This