ගාසා තීරයේ එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ උත්සාහයට බයිඩන්ට ප්‍රශංසා

ගාසා තීරයේ එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ උත්සාහයට බයිඩන්ට ප්‍රශංසා

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තම ආදරණීයයන් නිදහස් කර ගැනීම සඳහා ඔහුට කළ හැකි සෑම දෙයක්ම කරන බවට තමන් විශ්වාස කරන බව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් පවසා තිබෙනවා

ප්‍රාණ ඇපකරුවන් නිවෙස් වෙත ගෙන්වා ගැනීමට එරට පරිපාලනය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව ජනාධිපති ජෝ බයිඩන් හමුවීමෙන් පසු එක් ඥාතියෙක් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගාසා තීරයේ තවමත් අමෙරිකානුවන් අට දෙනෙකු සිටින බවට විශ්වාස කෙරෙනවා .

මෙම රැස්වීම සිදුව තිබෙන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ගෝලීය සහයෝගය අහිමි වීමට පටන් ගෙන ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවයි .

එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන්ගේ පවුලේ සාමාජිකයින් ජනාධිපතිවරයා සමග පැවැත්වූ පළමු පුද්ගල හමුවීම මෙය බවද සඳහන්

Share This