ගාසා තීරයේ දරුණු ගැටුම්වලින් ළමුන් 614ක් මරුට

ගාසා තීරයේ දරුණු ගැටුම්වලින් ළමුන් 614ක් මරුට

පසුගිය සෙනසුරාදා සිට ඇති වූ හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 1,900 ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඒ අතර ළමුන් 614 ක් සහ කාන්තාවන් 370 ක් සිටින බව සඳහන්.

එමෙන්ම තවත් 7,696 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ගාසා තීරයේ උතුරු අර්ධයේ සිටින මිලියනයකට අධික පලස්තීනුවන් දකුණු ප්‍රදේශයට දස දහස් ගණනක් සංක්‍රමණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා

Share This