ගාසා තීරයේ මාධ්‍යවේදියෙකු ඥාතීන් 42 දෙනෙකු සමග ඝාතනය වී ඇති බවට වාර්තා

ගාසා තීරයේ මාධ්‍යවේදියෙකු ඥාතීන් 42 දෙනෙකු සමග ඝාතනය වී ඇති බවට වාර්තා

පලස්තීන වාර්තාකරුවෙකු පවුලේ සාමාජිකයින් 42 දෙනෙකු සමග මරා දමා ඇති බව Wafa ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Wafa ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත්තේ ගාසා නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Mohammad Abu Hasira මිය ගිය බවයි.

එමෙන්ම යුද්ධය ආරම්භ වූ දා සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් 37 දෙනෙකු ඝාතනය කර ඇති බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසනවා

පලස්තීන ජාතිකයන් 32ක්, ඊශ්‍රායල ජාතිකයන් 4ක් සහ ලෙබනන් ජාතිකයෙක් ඒ අතර වන බවයි පැවසෙන්නේ

ඔවුන් මිය යන විට සියල්ලන්ම යුද ගැටුම් ආවරණය කරමින් සිටියේද යන්න අපැහැදිලි බවයි මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව CPJ ප්‍රකාශ කරන්නේ

පසුගිය මාසයේ ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධාන විසින් රොයිටර්ස් සහ AFP පුවත් සේවා වෙත පවසා ඇත්තේ ගාසා තීරයේ ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බවයි.

Share This