ගාසා තීරයේ රෝහල්වලට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කළ බව පලස්තීනය කියයි

ගාසා තීරයේ රෝහල්වලට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කළ බව පලස්තීනය කියයි

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා (Al Shifa) වෙත ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා

ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි පලස්තීන නිලධාරීන් පැවසුවේ

එමෙන්ම ගාසා හි උතුරු කොටසේ Rantissi පිළිකා රෝහලෙන් පිටත වාහනවලට පහර දී තිබෙනවා

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පලස්තීන විදේශ කටයුතු සහ විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ “කප්පම් ගැනීම සඳහා රෝහල් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැර ගන්නා” බවයි.

Share This