ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර

පලස්තීන සටන්කාමීන් සිය රටට ඇතුළු වූ බව පැවසීමෙන් අනතුරුව ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එරට හමුදාව මෙම ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව පැයකට වැඩි කාලයක් රටේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සයිරන් ගැන අනතුරු ඇඟවීම් නිකුත් කළා

එමෙන්ම එක් පුද්ගලයෙකු මියගොස් තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ටෙල් අවිව් සහ දකුණු ගාසා තීරය අවට ප්‍රදේශවල පිපිරීම් ද වාර්තා වී තිබෙනවා.

පලස්තීන හමාස් සටන්කාමී සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන්

එහි සන්නද්ධ අංශය ප්‍රකාශ කර ඇත්තේ විනාඩි 20ක් තුළ රොකට් 5000ක් දියත් කළ බවයි.

ගාසා තීරයේ සිට ඊශ්‍රායල භූමියට දැවැන්ත රොකට් ප්‍රහාර එල්ල කර තිබූ අතර සටන්කාමීන්, විවිධ ස්ථානවලින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පැවසුවේ

එමෙන්ම ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ආරක්ෂිත ලෙස රැඳී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනය කර ඇත්තේ රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් සහ ඉදිරි පියවරයන් ගැන සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිත බවයි

Share This