ගාසා තීරයේ සිදුකරන ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන්න – අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ගාසා තීරයේ සිදුකරන ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන්න – අමෙරිකාවෙන් ප්‍රකාශයක්

මධ්‍යම ගාසාවේ පාසලකට ඊයේ(06) සිදුකළ ගුවන් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස අමෙරිකාව ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.

එම ප්‍රහාරයේදී පුද්ගලයින් 35ක් පමණ මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නුසෙයිරාට් නාගරික සරණාගත කඳවුරේ පාසලේ ඉහළ මහලේ පන්තිකාමර වෙත යුද ගුවන් යානයක් මිසයිල දෙකක් එල්ල කළා.

ඊශ්‍රායල හමුදාව කියා සිටියේ තමන් පාසලේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රදේශයට පමණක් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

නමුත් ගාසා තීරයේ හමාස් සංවිධානය පාලනය කරන රජයේ මාධ්‍ය කාර්යාලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ඔවුන්ගෙන් නව දෙනෙකුගේ නම් ලබා දුන් ආකාරයටම තමන් මරා දැමූ බව පැවසූ හමාස් සටන්කරුවන් ප්‍රසිද්ධියේ හඳුනා ගන්නා ලෙස අමෙරිකාව ඉල්ලා තිබෙනවා.

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර වලදී ඉලක්ක කරන සටන්කාමීන් නිතර හඳුනා ගන්නා නමුත් අමෙරිකාව එසේ කරන ලෙස ඉල්ලා සිටීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ප්‍රහාරයේ ඔවුන්ගේ ඉලක්ක සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ඔවුන් ඉලක්ක කරන සටන්කාමීන් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි.

Share This