ගාසා තීරයේ ළමුන් 2,000 ක් මිය ගොස් ඇති බවට වාර්තා

ගාසා තීරයේ ළමුන් 2,000 ක් මිය ගොස් ඇති බවට වාර්තා

සටන් විරාම කැඳවීම් මධ්‍යයේ ගාසා තීරයේ ළමුන් 2,000 ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

ගාසා තීරයේ ආධාර කණ්ඩායම් සහ වෛද්‍යවරු විදුලි හිඟය නිසා ළදරුවන්ගේ සහ රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් වන බවට අනතුරු අඟවා ඇති බවද සඳහන්

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ආධාර ඒජන්සි ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඊශ්‍රායලය වටලනු ලැබූ තීරයේ බෝම්බ හෙලීම තීව්‍ර කිරීමත් සමග ගාසා තීරයේ අවම වශයෙන් ළමුන් 2,000ක් පසුගිය සති කිහිපය තුළ මරා දමා ඇති බවද සඳහන් වනවා

මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සඳහන් කරන්නේ ගුවන්, ගොඩබිම සහ මුහුදේ සිට ගාසා තීරය පාලනය කරන හමාස් සටන්කාමී කණ්ඩායමට එරෙහිව බහුපාර්ශ්වික මෙහෙයුමක් සඳහා තම රට සූදානම් වන බවයි.

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ප්‍රකාශයට පත් වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව පසුගිය පැය 24 තුළ වාර්තා වූයේ ගාසා තීරයේ 700 කට වැඩි පිරිසක් මරුමුවට පත්වෙමිනුයි

මියගිය අය අතර ළමුන් 305 ක්, කාන්තාවන් 173 ක් සහ වයෝවෘද්ධ පුද්ගලයින් 78 ක් සිටින බවයි වාර්තා වන්නේ

 

Share This