ගාසා යුද්ධයෙන් ඊශ්‍රායල සොල්දාදුවන් 15,000කට වැඩි පිරිසකට තුවාල

ගාසා යුද්ධයෙන් ඊශ්‍රායල සොල්දාදුවන් 15,000කට වැඩි පිරිසකට තුවාල

2023 ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයේදී ඊශ්‍රායල සොල්දාදුවන් 15,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

තුවාල ලැබූ සෙබළුන් අමාත්‍යාංශයේ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන වැඩසටහන්වලට ඇතුළත් වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

මීට අමතරව යුද්ධයේ දී සෙබළුන් 847ක් මියගොස් ඇති අතර තවත් 11,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව සඳහන්.

ගාසා තීරයේ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

Share This