ගාසාහි සුන්බුන් අතර සිටියදී බිළිඳියක් බේරා ගැනේ (VIDEO)

ගාසාහි සුන්බුන් අතර සිටියදී බිළිඳියක් බේරා ගැනේ (VIDEO)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු දකුණු ගාසා තීරයේ රෆා නගරයේ සුන්බුන් අතර සිටි බිළිඳියක් පණපිටින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Mariam Abu Akel බිළිඳියව සුන්බුන් වලින් මුදා ගැනීමට මිනිසුන් විශාල ප්‍රයත්නයක් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී බිළිඳා සිය පවුලේ අය සමග නිවසක සිට ඇති අතර, ඇයගේ මව සහ සහෝදරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බිළිඳියගේ පියා සහ සහෝදරයා දිවි ගලවා ගෙන තිබෙනවා.

එමෙන්ම හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර 55 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Share This