ගැමුණු බස්වල බද පටිය පළදින්න බෑ නොකියා – බෑ කියයි

ගැමුණු බස්වල බද පටිය පළදින්න බෑ නොකියා – බෑ කියයි

බස් රථ රියදුරන් සඳහා බඳ පටිය පැළදීමේ ක්‍රියාවලියට සහය දක්වන්නේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලුවලට ප්‍රථමයෙන් විසඳුම් ලබාදෙන්නේ නම් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේ එමෙන්ම දැනට බස් රථවල පවතින ප්‍රමිතියෙන් තොර බඳපටි හේතුවෙන් තව තවත් අනතුරු ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

ආරක්ෂක බද පටි නොපළදින මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට එරෙහිව ජූලි 01 වැනිදා සිට නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළා.

ශ්‍රී ලංකා පොලිසිය සදහන් කළේ එමෙන්ම රථ වාහනවල සවි කර ඇති අත්‍යාවශ්‍ය නොවන අමතර කොටස් ඉවත් කිරීමද අනිද්දා සිට ක්‍රියාත්මක වන බවයි.

එවන් පසුබිමක අද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ බඳපටිය පැළදීම අනිවාර්ය කිරීමේ රජයේ වැඩපිළිවෙලට තම විරුද්ධත්වයක් නොමැති බවයි.

 

Share This