ගෑස් අලෙවියට තවත් සමාගමක් – අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට

ගෑස් අලෙවියට තවත් සමාගමක් – අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෑස් අලෙවි කිරීම සඳහා නව සමාගමක් පිහිටුවීමට ඊයේ (ඔක්. 5) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා

බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ

මීට අමතරව නැව් තෙල්, බිටුමන් තාර සහ ලිහිසි තෙල් ව්‍යාපාරවලට පිවිසීමට ද කැබිනට් මණ්ඩලය එම සමාගමට අවසරය ලබා දී තිබෙනවා.

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

Share This