ගිනි කන්ද පිපිරී සුනාමියෙන් බැට කෑ ටොංගාවට දින 6කට පසු විදේශ ආධාර රැගත් ගුවන් යානය ළඟාවෙයි
මුහුදු පත්ලේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ඇතිවුණා
මෙම කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදුණු අතර අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළ ධාවන පථයේ අළු රැඳී තිබීමෙන් ගුවන් යානා ගොඩබෑම අසීරු තත්වයක පැවතුණා
කෙසේවෙතත් ටොංගා රාජ්‍යයට අත්‍යවශ්‍ය ජලය සහ සැපයුම් රැගත් පළමු විදේශ ආධාර ගුවන් යානය ටොංගා රාජ්‍යය වෙත මේ වනවිට පැමිණ තිබෙනවා.
නවසීලන්තය සඳහන් කරන්නේ කම්කරුවන් ධාවන පථයේ අළු ඉවත් කිරීමෙන් පසුව හමුදා ගුවන් යානය ටොංගා රාජ්‍යයේ ප්‍රධාන ගුවන් තොටුපළට ගොඩ බැස්සූ බවයි.
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව විසින් එවන ලද අනෙකුත් ගුවන් යානා සහ නෞකා තවමත් එම රාජ්‍යය වෙත ගමන් කරමින් සිටින බවයි පැවසෙන්නේ.