
ගිරාඳුරුකෝට්ටේ වෑන් රථයක් හැපී 11 ක් රෝහලට
මහියංගන ගිරාදුරුකෝට්ටේ ප්රධාන මාර්ගයේ සොරබොර වැව, ප්රදේශයේ දී ඊයේ රාත්රි වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනුරාධපුර වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් සිටි බදුල්ල, කයිලගොඩ ප්රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් අනතුරට ලක්ව ඇත්තේ ඊයේ රාත්රී 11ට පමණ මහියංගන, ගිරාදුරුකෝට්ට ප්රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්රදේශයේදයී.
වෑන් රථය ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, පොලිසිය පවසන්නේ රියදුරුට නින්දයෑමෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැකකරන බවයි.
බදුල්ල, කයිලගොඩ ප්රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ තුවාලකරුවන් අතර වයස අවුරුදු 10 ක දරුවෙකු සහ කාන්තාවන් හයදෙනෙකු සිටින බවයි.
තුවාලකරුවන් මහියංගනය සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
