ගොවිපළකින් පැන ගිය සිංහ ධේනුවකට වෙඩිතබා ඝාතනය කරයි

ගොවිපළකින් පැන ගිය සිංහ ධේනුවකට වෙඩිතබා ඝාතනය කරයි

දකුණු කොරියාවේ Gyeongsang පළාතේ පෞද්ගලික සත්ත්ව ගොවිපළකින් පැන ගිය සිංහ ධේනුවකට වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ(14) උදෑසන ගොවිපළේ හිමිකරු කූඩුව හිස්ව තිබෙනු දැක බලධාරීන්ට මේ බව දැනුම් දීමත් සමග සිද්ධිය අනාවරණය කරගෙන තිබෙනවා.
.
Sasuni නම් සිංහයා කූඩුව කඩාගෙන ගොස් ගොවිපළේ විවෘතව තිබූ පිටුපස දොරකින් පැන ඇති බවටයි නිගමනය කරන්නේ.

පසුව සිංහ ධේනුව සොයා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 127 ක්, ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් 26 ක්, සිවිල් දඩයම්කරුවන් සහ හදිසි සේවකයින් සම්බන්ධ වූ පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

බලධාරීන් විසින් නිවැසියන්ට අසල ඇති බුක්දු කන්දෙන් ඉවත්ව සිටින ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර කඳවුරු බැඳ සිටි ජනතාව ඉවත් කරන තිබෙනවා.

පැයකට පමණ පසු පොලිසිය සහ දඩයම්කරුවන් විසින් මෙම සත්ත්වයා ගොවිපළට යාබද වනාන්තරයක සොයාගෙන වෙඩි තබා මරා දැමූ බව නිලධාරීහු පවසනවා.

මෙම සත්වයා ජනාවාස ප්‍රදේශවලට දිව යා හැකි තත්ත්වයක පැවතීම හේතුවෙන් ඝාතනය කිරීමට බලධාරීන් තීරණය කළ බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් සිංහයන් දැනට ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගේ රතු ලැයිස්තුවේ අවදානමට ලක්විය හැකි සත්ත්වයෙකු ලෙස ලැයිස්තුගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This