ඝාතකයාට ජනපති සමාව දුන් වරදින් මෛත්‍රී අධිකරණයෙන් නිදහස්

ඝාතකයාට ජනපති සමාව දුන් වරදින් මෛත්‍රී අධිකරණයෙන් නිදහස්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන සමයේ, රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරු වී මරණ දඬුවම නියමව සිටි ජූඩ් ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ලබාදීම නීති විරෝධීව සිදුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට හිටපු ජනාධිපතිවරයාට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ එම මුදල ගෙවා අවසන් කර ඇති බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදා හැරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ.

Share This