ඝාතනයට ලක් වූ ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයාගේ බිරිඳගෙන් එරට රජයට චෝදනාවක්

ඝාතනයට ලක් වූ ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයාගේ බිරිඳගෙන් එරට රජයට චෝදනාවක්

ඝාතනයට ලක් වූ ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio ට මරණ තර්ජන කළ බවට “Fito” නමින් හැඳින්වෙන ජෝස් ඇඩොල්ෆෝ මැසියාස්ව උපරිම ආරක්ෂාව ලබාදෙමින් වෙනත් බන්ධනාගාරයකට ගෙන ගොස් තිබෙනවා

ඔහුව බන්ධනාගාරයට ගෙනයාම සඳහා දැඩි ආරක්ෂාව ලබාදෙමින් ඉක්වදෝර සොල්දාදුවන් සහ පොලිසිය දහස් ගණනක් එක්වූ බවයි පැවසෙන්නේ

කල්ලි නායක Fito 2011 වසරේ සිට ගුවායාකිල් හි බන්ධනාගාරයේ රඳවා සිටි බවත් ,එම සංකීර්ණයේම කොටසක් වන උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක් වන La Roca වෙත ගෙන ගොස් ඇති බවත් ඉක්වදෝරයේ ජනාධිපති Guillermo Lasso පවසා තිබෙනවා

Fernando Villavicencio විසින් ඔහුව ඝාතනයට කිරීමට පෙර Fito විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බව අදාළ බලධාරීන්ට දැනුම් දී තිබූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා

මෑත වසරවලදී කොලොම්බියානු සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වර්ධනය හේතුවෙන් අපරාධ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර ඝාතනයට ලක්වූ Fernando Villavicencioගේ Construye පක්ෂය නිවේදනය කර තිබෙන්නේ තවත් මාධ්‍යවේදියෙකු වන Christian Zurita, Villavicencio වෙනුවට එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන බවයි.

Villavicencio ගේ බිරිඳ වෙරෝනිකා සරවුස් පවසා ඇත්තේ තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවයි

මෙම ඝාතනය සම්බන්ධයෙන් කොලොම්බියානු ජාතිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හත්වැන්නා වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වුණ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

Share This