ඝානාවේ පාර්ලිමේන්තුව මරණ දඬුවම අහෝසි කිරීමට ඡන්දය ලබා දෙයි

ඝානාවේ පාර්ලිමේන්තුව මරණ දඬුවම අහෝසි කිරීමට ඡන්දය ලබා දෙයි

ඝානාවේ පාර්ලිමේන්තුව මරණ දණ්ඩනය අහෝසි කිරීමට ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රට තුළ දැනට මරණීය දණ්ඩනයට ලක්ව සිටින පිරිමින් 170 ක් සහ කාන්තාවන් හය දෙනෙකු සිටින අතර, ඔවුන්ගේ දඬුවම් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් සඳහා ප්‍රතිස්ථාපනය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී තිබෙන්නේ 1993 වසරේ දී යි.

එමෙන්ම ඝානාවේ මිනීමැරුම් සඳහා අනිවාර්ය දඬුවම ක්‍රියාත්මක කරනු ඇති

බොහෝ ඝානා වැසියන් අහෝසි කිරීම අනුමත කරන බව මත සමීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා

පසුගිය වසරේ ඝානාවේ පුද්ගලයන් හත් දෙනෙකුට මරණ දණ්ඩනය නියම වූ නමුත් කිසිවකුට මරණ දඬුවම ක්‍රියාත්මක නොවූ බවයි පැවසෙන්නේ .

සාපරාධී වැරදි පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී Francis-Xavier Sosu විසින් ඉදිරිපත් කරන ලද අතර ව්‍යවස්ථාපිත, නීතිමය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සහාය ඊට හිමිව තිබෙනවා

ඝානාව මරණ දණ්ඩනය අහෝසි කළ 29 වන අප්‍රිකානු රට වන අතර ගෝලීය වශයෙන් 124 වන රට බවයි වාර්තා වන්නේ

මෑත වසරවලදී, බෙනින්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, ඉක්වටෝරියල් ගිනියාව, සියෙරා ලියොන් සහ සැම්බියාව ඇතුළු බොහෝ අප්‍රිකානු රාජ්‍යයන් මරණ දඬුවම අහෝසි කර තිබෙනවා .

Share This