ඝානාවේ සුපිරි පාපන්දු තරුව පිටියෙන් සමුගනී

ඝානාවේ සුපිරි පාපන්දු තරුව පිටියෙන් සමුගනී

ඝානාවේ පාපන්දු තරුව Asamoah Gyan පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු ඝානාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තම රට වෙනුවෙන් තරග 109කදී ගෝල 51ක් රැස් කර තිබෙනවා

37 හැවිරිදි ඔහු 2003 දී ඝානාවේ ප්‍රිමියර් කණ්ඩායම වන Liberty Professionals වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිය ක්‍රීඩා සමාජ ජීවිතය ආරම්භ කළ අතර පසුව යුරෝපයේ Italian Serie A’s Udinese, ප්‍රංශ Ligue 1’s Rennes සහ Premier League side Sunderland වෙනුවෙන් ක්‍රීඩා කරනු ලැබුවා

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, Al Ain වෙනුවෙන් ක්‍රීඩා කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රෝ-ලීග් ශූරතාව දිනා ගැනීමට එම කණ්ඩායමට සහාය දී තිබෙනවා

එහිදී තරග 32කදී ගෝල 28 ක් ලබා ලීගයේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්වුණා

එමෙන්ම 2006, 2010 සහ 2014 වසරේ දී පැවති FIFA ලෝක කුසලානවලදී ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම වන Black Stars වෙනුවෙන් සිය දායකත්වය ලබාදී තිබෙන අතර ඔහු අප්‍රිකාවේ වැඩිම ලෝක කුසලාන ලකුණු ලාභියා ලෙසයි හඳුන්වන්නේ

ඔහුගේ පාපන්දු දිවියෙන් සමුගන්නාවිට ඝානාවේ Legon City FC වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This