චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රංශයේ සංචාරයක (PHOTOS)

චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රංශයේ සංචාරයක (PHOTOS)

චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රංශයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

තෙදින චාරිකාවක් සඳහා චාල්ස් රජු සහ කැමිලා රැජින පැමිණ තිබෙන අතර ප්‍රංශ අගමැති එලිසබෙත් බෝර්න් විසින් චාරිත්‍රානුකූල පිළිගැනීමක් කරනු ලැබුවා

Arc de Triomphe හි දී, රජු සහ රැජින පිළිගනු ලැබුවේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් විසිනුයි .

චාරිත්‍රානුකූල පිළිගැනීමේදී, චාල්ස් රජු මැක්‍රොන් මහතා විසින් ඔහුට ලබා දුන් Comite de la Flamme භාවිතා කරමින් සදාකාලික දැල්ල නැවත දැල්වීම සිදු කරනු ලැබුවා

පසුව ඔවුන් සොල්දාදුවෙකුගේ සොහොන වෙත මල් වඩමක් තබා ආචාර කරනු ලැබූ අතර උත්සවය අතරතුර ප්‍රංශ ගුවන් හමුදාවෙන්ද ආචාර කිරීමක්ද සිදුව තිබෙනවා

කැමිලා රැජින දේශීය ප්‍රවීණ සංවිධාන, බාලදක්ෂ හා මාර්ගෝපදේශ සංවිධාන සහ පැරිස් බ්‍රිතාන්‍ය පාසලේ නියෝජිතයන් හමුවු බවද පැවසෙනවා

ඉන්පසුව පසු රජු සහ රැජින එලිසි මාලිගය වෙත ගිය අතර එහිදී රජු සහ ප්‍රංශ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එලිසි මාලිගයේ සිට ප්‍රංශයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ නිවස දක්වා පා ගමනින් යද්දී චාල්ස් රජු එරට ජනතාවද හමුව තිබෙනවා

වර්සයිල්ස් මාලිගයේ රජු සහ රැජින වෙනුවෙන් රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණු අතර නළු හියු ග්‍රාන්ට් ඔහුගේ බිරිඳ ඇනා එලිසබෙට් ඊබර්ස්ටයින් සහභාගී වූ අමුත්තන් අතර සිටි බවද සඳහන්

එමෙන්ම Ivorian පාපන්දු ක්‍රීඩක Diier Drogba සහ ඔහුගේ බිරිඳ Gabrielle Lemaire, ප්‍රංශ නිළි චාලට් ගේන්ස්බර්ග් වර්සයිල්ස් මාලිගයේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජනාධිපති මැක්‍රොන් රාජ්‍ය භෝජන සංග්‍රහයේදී දේශනයක් පවත්වා ඇති අතර මෙම සංචාරයට අදාළ ඡායාරූප පහතින් දැකිය හැකියි

 

Share This