චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක්

චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක්

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong , විදේශ අමාත්‍ය විජිත් හේරත්, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන්, ඇතුළු පුද්ගලයන් 1000කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති බව සඳහන්.

එහිදී චීන තානාපතිවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ගෝලීය දකුණේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පොදු යහපත සැලසීම, ගෝලීය ආරක්ෂාව හා එහි වර්ධනයට ශක්තිමත් ගාමක බලවේගයක් වනු ඇති බවයි.

ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින්, උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයෙන් චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමටත් උසස් මට්ටමේ විවෘතභාවයෙන් ලෝකය ඒකාබද්ධව සංවර්ධනය කිරීමටත් චීනය කැප වන බව එහිදී චීන තානාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වීමට හැකි වීම පිළිබඳව Qi Zhenhong මහතා සිය සුභපැතුම් එක්කර තිබෙන බව සඳහන්.

චීනය ඇතුළු මිත්‍රශීලි රටවල සහාය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට විවිධ අවදානම් හා අභියෝග ජයගෙන පවතින අර්බුදයෙන් මිදීමට මෙන්ම ආර්ථික පුනර්ජීවනය හා සමෘද්ධිමත්භාවය කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This