
චීන විදේශ විනිමය සංචිත ඉහළට
චීන විදේශ විනිමය සංචිතය ඉකුත් ජුනි මාසය අවසානය වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3 ඉක්මවූ බව වාර්තා කරයි.
චීන ජාතික විදේශ විනිමය පරිපාලනය නිකුත් කළ නවතම දත්තවලින් මේ බව පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය ජුනි මාසය අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3174කි.
එය පසුගිය මැයි මාසය අවසානයට සාපේක්ෂව 0.98%ක වර්ධනය වීමකි.
2025 වසරේ ජුනි මාසයේදී, ප්‍රධාන ආර්ථිකයන්හි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථික වර්ධන අපේක්ෂාවන් හේතුවෙන්, ඇමරිකානු ඩොලර් දර්ශකය පහත වැටුණු අතර, ගෝලීය මූල්‍ය වත්කම් මිල සමස්ත වශයෙන් ඉහළ යනු ලැබුවා.
විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන්, එම මාසයේ විදේශ විනිමය සංචිතය ඉහළ ගිය බවයි පැවසෙන්නේ.
මෙම තත්ත්වය තුළ චීනයේ ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වෙමින් පැවති අතර මනා සංවර්ධන ගම්යතාවයක් ද පවත්වා ගෙන තිබෙනවා.
එය චීනයේ විදේශ විනිමය සංචිතයේ මූලික ස්ථාවරත්වය පවත්වා ගැනීමට හිතකර වන බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.