චීනයට පැමිණෙන විදේශිකයන් සඳහා පහසුකම් පුළුල් කෙරේ

චීනයට පැමිණෙන විදේශිකයන් සඳහා පහසුකම් පුළුල් කෙරේ

විදේශිකයන් චීනයට පැමිණීම සඳහා වඩාත් පුළුල් අවකාශයක් සපයන බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ වි‍දේශිකයන් චීනයේ සංචාරය කිරීමට තව තවත් පහසුකම් ලබාදෙන බවයි.

චීනය ඇතැම් රටවල් කෙරෙහි ක්‍රියාත්මක කරන නිදහස් වීසා ප්‍රතිපත්ති සහ චීනයට පැමිණෙන විදේශිකයන්ට අඛණ්ඩව පහසුකම් සපයා දීම හේතුවෙන් චීනයට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව සඳහන්.

ඒ අනුව මේ වසරේ මුල් භාගයේ චීනයට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව 2023 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 152.7%කින් වර්ධනය වී ඇති අතර ඒ අතරින් නිදහස් වීසා යටතේ පැමිණි විදේශිකයන් 2023 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 190.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

චීනයේදී ලද විවිධ මිහිරි අත්දැකීම් එම විදේශිකයන් ගෝලීය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමෙන් “China Travel” ජනප්‍රිය සෙවුම් පදයක් බවට පත් වී ඇති බව සඳහන් කරන ලින් චියෙන් මහතා, මේ වසරේ දෙවන භාගයේ විදේශිකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ යනු ඇතැයි අදාළ ආයතන ඇස්තමේන්තු කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

Share This