චීනයට බලපෑ ගංවතුරෙන් දහස් ගණනකට පීඩා

චීනයට බලපෑ ගංවතුරෙන් දහස් ගණනකට පීඩා

අඛණ්ඩව කලාපයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, දකුණු චීනය පුරා සිටින දස දහස් ගණනක් ජනතාව අවදානමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම නාගරික ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර, ගංවතුර හේතුවෙන් අතරමං වූ නිවැසියන් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් කටයුතු කරන බව සඳහන්

පසුගිය ජූනි 9 වැනිදා සිට අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ

දකුණු පළාතේ ෆුජියන් හි, රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ අධික වර්ෂාපතනයෙන් ප්‍රාන්ත 40 ක් පුරා ඇස්තමේන්තුගත පුද්ගලයින් 586,500 කට බලපා ඇති බවයි.

Share This