චීනයෙන් ලංකාවේ ආපදා කළමනාකරණයට යුවාන් මිලියන 10,000 ක්

චීනයෙන් ලංකාවේ ආපදා කළමනාකරණයට යුවාන් මිලියන 10,000 ක්

චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යුවාන් මිලියන 10,000 ක් පරිත්‍යාග කර තිබෙනවා.

චීන තානාපතිවරයා එම ප්‍රධානය අද (05) නිල වශයෙන් බාර කළේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතාටයි.

එහිදී දැනට පවතින පාතාල වෙඩි තැබීම් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ විම්සීමේ දී පැවසුවේ පාතාලය මැඩීමට අවශ්‍ය පියවර දැනටමත් ගනිමින් සිටින බවයි.

දේශපාලන රැකවරණ අහිමිවීම හේතුවෙන් ඔවුන් දැනටමත් කැළඹී සිටින බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

 

Share This