චීනයේ අධිවේගී මාර්ගයක වාහන 100කට අධික ප්‍රමාණයක් ගැටෙයි

චීනයේ අධිවේගී මාර්ගයක වාහන 100කට අධික ප්‍රමාණයක් ගැටෙයි

චීනයේ සුෂෝ නගරයේ අධිවේගී මාර්ගයක අයිස් සහිත ප්‍රදේශයක මෝටර් රථ 100කට අධික ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර හය දෙනෙකුට සුළු සිරීම් සිදුව ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ

කෙසේ වෙතත් මාර්ග ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇති අතර අනතුරට හේතුව විමර්ශනය කරන බවට පොලිසිය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ

Share This