චීනයේ අධිවේගී මාර්ගයක් නායයයි – පුද්ගලයන් 24 දෙනෙකු මරුට

චීනයේ අධිවේගී මාර්ගයක් නායයයි – පුද්ගලයන් 24 දෙනෙකු මරුට

චීනයේ Guangdong පළාතේ, දින ගණනාවක් පැවති අධික වර්ෂාවෙන් පසු කඳුකරයේ අධිවේගී මාර්ගයක කොටසක් නාය යෑමෙන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද(01) අධිවේගී මාර්ගයේ මීටර් 17.9 දුරක් කඩා වැටී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා තවත් තිස් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

රෝහලේ ප්‍රතිකාර ගන්නා පුද්ගලයින් 30 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පවතින බව එරට සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

සිද්ධියෙන් පසුව එම ස්ථානයට නිලධාරීන් 500 ක් යවා ඇති බවයි සඳහන් වන්නේ.

මාර්ගයේ කඩා වැටුණු කොටසට වාහන 20ක් වැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීන රජය අවධානයෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This