චීනයේ කොවිඩ් ආසාදිතයින් ඉහළට – කොවිඩ් දත්ත පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

චීනයේ කොවිඩ් ආසාදිතයින් ඉහළට – කොවිඩ් දත්ත පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

චීනයේ නිල කොවිඩ් මරණ සංඛ්‍යාව ප්‍රශ්න කිරීමට මිනිසුන් පෙලඹවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

චීනයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මියයාම සම්බන්ධයෙන් හේතූන් නොදක්වා සිටීම මෙයට හේතුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

40 හැවිරිදි ඔපෙරා ගායිකාවක් වූ චූ ලාන්ලන් පසුගිය මාසයේ මිය ගියත් ඇගේ මරණයට හේතුව පිළිබඳ විස්තර ලබා දී නොතිබීමද එක් සිදුවීමක් බවයි පැවසෙන්නේ

චීනය සිය කොවිඩ් නීතින් ප්‍රතිපත්තිය දෙසැම්බර් මාසයේදී ඉවත් කළ අතර ඉන්පසුව කොවිඩ් ආසාදිතයින් හා මරණ වේගයෙන් ඉහළ ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට එරට රෝහල් සහ ආදාහනාගාර පිරී ඉතිරී යන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කෙසේවෙතත් චීනය දෛනික සිද්ධි දත්ත ප්‍රකාශයට පත් කිරීම නවතා දමා ඇති අතර දෙසැම්බර් මාසයේ සිට ප්‍රකාශයට පත් කර ඇත්තේ කොවිඩ් මරණ 22ක් බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ වනවිට නියුමෝනියාව වැනි ශ්වසන රෝගවලින් මිය යන අය පමණක් වාර්තා කරන බවද සඳහන් කරනවා .

චීනය රට තුළ පවතින කොවිඩ් හි සැබෑ බලපෑම අඩුවෙන් සඳහන් කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබෙනවා

Share This