චීස් තුළ සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 8ක් එක්සත් ජනපද රේගු නිලධාරීන් විසින් සොයා ගැනේ

චීස් තුළ සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 8ක් එක්සත් ජනපද රේගු නිලධාරීන් විසින් සොයා ගැනේ

රෝද හැඩති චීස් තුළ සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 8ක් එක්සත් ජනපද රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා

ලොව පුරා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෑම විටම තම වෙළඳ භාණ්ඩ සැඟවීමට සහ නීතියට වඩා පියවරක් ඉදිරියෙන් සිටීමට නව ක්‍රම අත්හදා බලනු ලබනවා

ඒ අනුව මෙවර ඔවුන්ගේ නවතම උපක්‍රමය ලෙස චීස් තෝරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ටෙක්සාස් හි ප්‍රෙසිඩියෝ ඇතුල්වීමේ වරායේදී එක්සත් ජනපද රේගු නිලධාරීන් විසින් චීස් රෝද හතරක් තුළ සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගත් බවයි පැවසෙන්නේ .

රැගෙන ආ ලොරි රථය,රියදුරු සහ මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා

Share This