ඡන්ද විමසීම් ආරම්භවීමත් සමග පාකිස්ථානයේ අන්තර්ජාල ප්‍රවේශය කපා හැරේ

ඡන්ද විමසීම් ආරම්භවීමත් සමග පාකිස්ථානයේ අන්තර්ජාල ප්‍රවේශය කපා හැරේ

මිලියන සංඛ්‍යාත පිරිසක් නව රජයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට පැමිණෙමින් සිටින බැවින් පාකිස්ථානය අන්තර්ජාල ප්‍රවේශය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ රට තුළ මෑත කාලීන ත්‍රස්ත සිදුවීම් උපුටා දක්වමින් මෙම පියවර ගැනීම අවශ්‍ය බවයි.

Wifi ජාල තවමත් ක්‍රියා කරන බව පෙනෙන නමුත් ඇමතුම් සහ දත්ත සේවා දෙකම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කෙසේවෙතත් මෙවැනි බාධකවලට මුහුණ දීම වෙනුවට ඡන්දදායකයින්ට පහසුකම් සැලසිය යුතු බව පවසමින් ඔවුන් මෙම තීරණය ගැන කම්පනයට පත්ව ඇති බව BBC පුවත් සේවය පවසනවා

රට පුරා ඡන්ද මධ්‍යස්ථානවල දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබෙනවා

Share This