ඡන්දය දාන්න පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන හැටි
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සිය සේවා ස්ථානයේ සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට හැකිවන පරිදි වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීම අවශ්‍ය වන බව පෞද්ගලික අංශයේ සියළුම සේවා යෝජකයින් වෙත දැනුම් දී තිබෙනවා.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ඡන්දය භාවිත කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින බාගයක කාලයක් ද කිලෝමීටර් 40-100ත් අතර නම් එක් දිනයක් ද අවම නිවාඩු ලබාදිය යුතු වනවා.
කිලෝමීටර් 100-150ත් අතර නම් දින එකහමාරක් ද කිලෝමීටර් 150ට වැඩිනම් දින 2ක් වශයෙන් ද නිවාඩු ලබාදිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් මෙම කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට සහ ඊමට නිවාඩු දීවමට සිදු වන විට අවස්ථාවෝචිතව සේවා යෝජකයින් විසින් ඒ සම්බන්ධයෙන් දින තුනක නිවාඩුවක් ලබාදිය යුතු වනවා.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු ලබා දීමටත්, එසේ දෙනු ලබන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තිකයින් ද ඇතුළුව සියලුම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු බවත්, එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.