ජංගම වෛද්‍ය රසායනාගාර 5කට මාස 5ක් තිස්සේ සිදුවූ දේ

ජංගම වෛද්‍ය රසායනාගාර 5කට මාස 5ක් තිස්සේ සිදුවූ දේ

ඉතා කෙටි කාලයකින් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලබා දියහැකි ජංගම වෛද්‍ය රසායනාගාර 5ක්, පරිත්‍යාග ලෙස ලැබී තිබියදී මාස 5ක් තිස්සේ ඒ පිළිබද තීරණයක් නොගැනීම පී.සී.ආර්. පරීක්ෂණ හරහා ජනතාව සූරා කෑමට මගපාදා ඇති බව වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් මහතා සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ජනාධිපතිවරයා රැපිඩ් පී.සී.ආර්. යන්ත්‍ර සඳහා අනුමැතිය දී මාස පහක් ගතවී තිබුණ ද ටෙන්ඩර මණ්ඩල තීරණය ප්‍රමාද කරමින්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති යන්ත්‍රයක් ගෙන්වීමට දෑරූ උත්සාහය අසාර්ථක වුවහොත්, අදාල ටෙන්ඩරය අවලංගු කිරීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට සැකයක් මතුවී ඇතැයි ද ඔහු පවසනවා

පෞද්ගලික රසායනාගාර වල අනියම් වෘත්තිකයින් ලෙස ක්‍රියා කරමින් සිටින කිහිප දෙනකු සමග පමණක් සාකච්ඡා කරමින් ගනු ලබන වැරදි තීරණ ආරක්ෂා කිරීම වෙනුවට, අවම වශයෙන් රසායනාගාර සේවාවේ සියළු පාර්ශවකරුවන් එකම එක සාකච්ඡාවකට හෝ කැඳවා නිවැරදි තොරතුරු පිළිබදව දැනුවත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටිනවා

Share This