ජනපති, අගමැති සහ විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩ

ජනපති, අගමැති සහ විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩ

පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යෑමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එවිට මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වන බව බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

අලුත් අවුරුදු වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පසුගිය වසරේ අලුත් අවුරුද්ද එළැඹෙද්දී සැවොම දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටි නමුත් මේ අලුත් අවුරුද්දේ කිසියම් සහනදායී පරිසරයක් උදා වී ඇති බවයි.

සියලු දෙනා එක්ව, එක මවකගේ දරුවන් මෙන් ඉදිරියට යෑම තුළින් ප්‍රාර්ථනා මුදුන්පත් කරගත හැකි බව ජනාධිපතිවරයා නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන්.

මේ අතර නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ආහාර සුරක්ෂිතතාව, සකසුරුවම, අපේකම සහ සමගිය පිළිබඳව යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවන බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ ක්‍රියාත්මකභාවය බවයි සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර සෞභාග්‍ය සම්පන්න අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලිව පෙළ ගැසීමේ ශක්තිය සමස්ත පුරවැසි පරපුරට ලැබේවායයි තමන් ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් සඳහන් කරනවා.

ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට අභියෝග එල්ල වුණු අන්ධකාර සමය නිමාවිය යුතු බවයි විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කරන්නේ.

Share This