
ජනපති ගෙන් ජර්මනියේ ව්‍යාපාරිකයින්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින්ට ආරාධනා
ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් (DIHK) මූලස්ථානයේදී පැවැත් වුණා.
එහි ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථාල ශ්‍රී ලංකාවේ සංවර්ධන ශක්‍යතා සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා ආදිය පිළිබඳව සිය අදහස් පළ කළා.
විශේෂයෙන්ම වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර සහ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එම දේශනයේදී විශේෂ අවධානය යොමු කර තිබුණා.
මෙහිදී ජර්මානු සමාගම් විසින් නිෂ්පාදනය සහ මූලාශ්‍ර, විදුලිබලය සහ පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, සැපයුම් සහ ප්‍රවාහනය, වෘත්තීය පුහුණුවල තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සුරක්ෂිතතාව ආදී කරුණුවලට අදාළව ඉදිරිපත් කිරීම් සිදු කළා. ‘
මේ සඳහා Siemens Energy, Continental AG, GTAI, Giesecke+Devrient GmbH ආදී ඉහළ මට්ටමේ ජර්මානු සමාගම් සහභාගි වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ජර්මානු ආයෝජකයින්ට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.
ජර්මානු ෆෙඩරල් ජන රජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ බර්ලින්හිදී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් අතර හමුවකට එක් වුණා.
එහිදී සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකාර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජනය කිරීමට ජර්මාන් ආයෝජකයින්ට ආරාධනා කර තිබෙනවා.