ජනපතිගේ තීරණයට සුමන්තිරන්ගේ ප්‍රසාදය

ජනපතිගේ තීරණයට සුමන්තිරන්ගේ ප්‍රසාදය

ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

දිනපතා පුවත්පතක් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා ගත් එම තීරණය හොඳ පියවරක් බවයි.
.
දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයන් වශයෙන් තම කණ්ඩායම සමඟ සාකච්ඡා කර එම ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන්නයි සෑම අවස්ථාවකදීම ඉල්ලා සිටිය ද එම ඉල්ලීම මේ දක්වා හරි ආකාරයට ඉටු නොවුණු බව සුමන්තිරන් මහතා සඳහන් කරනවා.

දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ බොහෝ රටවල විසිරි සිටින බව ද ඔහු පෙන්වා දෙනවා.

Share This